The Weather Channel

කාලගුණ සේවා සම්පාදකයකු ලෙස The Weather Channel

ආයුබෝවන්! weather.com වෙබ් අඩවිය, The Weather Channel ජංගම යෙදුම හා කාලගුණය ආශ්‍රිත යෙදුම් The Weather Channel හට අයත් අතර එමගින් ප්‍රකාශයට පත් කෙරේ. නමුත් ඇතැම් විට, The Weather Channel මගින් අපගේ කාලගුණ තොරතුරු, සිය වෙබ් අඩවි, ජංගම යෙදුම් හා වෙනත් යෙදුම්වලින් ඔබ වෙත කාලගුණ තොරතුරු සපයන වෙනත් සමාගම්වලට ද අපගේ කාලගුණ තොරතුරු සපයයි. The Weather Channel මගින් එකී විශේෂිත අවස්ථාවන්හි ඔබේ දත්ත භාවිතා කරන ආකාරය මෙම පිටුවෙන් විස්තර කෙරේ. පුද්ගලික දත්ත රැස් කිරීම, අනෙක් සමාගමේ වෙබ් අඩවිය, ජංගම යෙදුම හෝ වෙනත් යෙදුමක් මගින් භාවිතා කිරීම හා/හෝ බෙදා ගැනීම පිළිබඳ අනෙකුත් සියලු ප්‍රශ්න සඳහා කරුණාකර සමාගමේ රහස්‍යතා ප්‍රතිපත්තිය සමාලෝචනය කරන්න.

අපට අභිමත පිහිටීමක් සිප් කේත, නගර නාම හෝ භූ කේත (අක්ෂාංශ, දේශාංශ) වැනි හඳුනාගත හැකි ආකෘති කිහිපයකින් සපයනු ලබන්නේ නම් The Weather Channelහි දත්ත ව්‍යාප්ති පද්ධතියට එකී අභිමත පිහිටීම සඳහා ස්වයංක්‍රීයව කාලගුණ තොරතුරු සැපයිය හැකිය. පිහිටීම් දත්ත ඔබ භාවිතා කරන යෙදුම මගින් අප වෙත ස්වයංක්‍රීයව ලබා දීමට ඉඩ ඇති අතර, නොඑසේ නම්, අනෙක් සමාගම සිය වෙබ් අඩවිය හෝ යෙදුම සැලසුම් කර ඇති ආකාරය මත පදනම්ව සෙවීමක් ඔස්සේ පිහිටීමක් ටයිප් කර සොයා ගැනීමට ඔබට පුළුවන. මේ කිනම් හෝ ආකාරයකින් වුව, The Weather Channel මගින් එම පිහිටීම සඳහා ඔබ වෙත කාලගුණ තොරතුරු ලබා දීමේ අරමුණ සඳහා පමණක්ම පිහිටීම් දත්ත භාවිතා කරනු ඇත. (අනෙක් සමාගමේ වෙබ් අඩවිය හෝ යෙදුම ඔබේ පිහිටීම් දත්ත වෙනත් අරමුණු සඳහා භාවිතා නොකරන බව මින් අදහස් නොවන බැවින් කරුණාකර වැඩි විස්තර සඳහා අනෙක් සමාගමේ රහස්‍යතා ප්‍රතිපත්තිය විමසන්නග.) අවශ්‍ය විට දී, මෙහෙයුම් පද්ධතිය (OS) බ්‍රවුසරය හෝ ඔබ භාවිතා කරන ජංගම යෙදුම ඔබේ පිහිටීම් දත්ත භාවිතා කිරීමට අවසර ඉල්ලීමට හෝ ඔබේ පිහිටීම් දත්ත භාවිතා කෙරෙන බව දැක්වෙන දැන්වීමක් ඔබට පෙන්වීමට ඉඩ ඇත. මෙය සිදු වන්නේ ද යන්න OS, බ්‍රවුසරය හෝ ඔබ භාවිතා කරන යෙදුම සහ ඔබ මින් පෙර අවසර ලබා දී ඇති ද හෝ කලින් දැන්වීම දුටුවේ ද යන්න මත පදනම් වේ. ඔබ භාවිතා කරන OS, බ්‍රවුසරය හෝ යෙදුම The Weather Channel සතු නොවන අතර ඉන් කළමනාකරණය හෝ නඩත්තු කිරීම සිදු නොකරන බැවින් ඔබේ පිහිටීම භාවිතා කිරීම සඳහා ඉල්ලීමක් හෝ ඒ පිළිබඳ නිවේදනයක් ඔබට ලැබෙන්නේ ද යන්න හෝ එසේ ලැබෙන්නේ කවර විටක ද යන්න අපට පාලනය කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

තැපැල් ලිපිනයක් රහිතව පුද්ගලයන්ට එකිනෙකා වෙත ලිපි යැවිය නොහැකි ආකාරයටම අන්තර්ජාලයේ ඇති උපාංගවලට IP ලිපිනවලින් සන්නිවේදනය විය නොහැක. මේ හේතුවෙන්, අපට ඔබේ උපාංගයට කාලගුණ තොරතුරු සැපයිය හැකි වන පරිද්දෙන් අනෙක් සමාගමේ වෙබ් අඩවිය හෝ යෙදුම IP ලිපිනයක් භාවිතා කරයි. අනෙක් සමාගම මගින් අදාළ අවස්ථාවේ ඔබේ උපාංගයට පවරා ඇති IP ලිපිනයක් භාවිතයෙන් හෝ සිය අභ්‍යන්තර පද්ධති සඳහා වන IP ලිපිනයක් මගින් The Weather Channel හා සන්නිවේදනයේ යෙදීමට ඉඩ ඇත. මේ කිනම් හෝ ආකාරයකින් වුව, The Weather Channel මගින් ඔබ වෙත කාලගුණ තොරතුරු සැපයීමේ අරමුණ සඳහා පමණක් IP ලිපිනය භාවිතා කරයි.

“The Weather Channelහි රහස්‍යතා ප්‍රතිපත්තිය මට අදාළ වන්නේ කවර විටක ද?” යන්න ඔබ කල්පනා කරනවා විය හැක. The Weather Channelහි රහස්‍යතා ප්‍රතිපත්තිය අදාළ වන්නේ පරිශීලකයකු විසින් The Weather Channel සතු අඩවියක්, ජංගම යෙදුමක් හෝ වෙනත් යෙදුමක් භාවිතා කරන විට පමණි.